ජනතාව රාජපක්ෂලා ප්‍රතික්ෂේප කරලා ඉවරයි! එජාප ජනපති අපේක්ෂකට ගෝඨා අභියෝගයක් නෙමෙයි! – චමීර පෙරේරා

August 11, 2019 at 1:18 pm | by emanisa.lk

2020 වසරේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස මේ රටේ අති බහුතර සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලුම ජාතීන්ගේ සහය ඇතිව එක්සත් ජාතික පෙරමුණින් ඉල්ලන ජනාධිපති අපෙක්ෂකයාට ගෝඨාභය රාජපක්ෂ අභියෝගයක් නොවන බව මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා පැවසිය.

හෙතෙම මේ බව පැවසුවේ හැටන් හිල් සයිඩ් ඉන් හෝටලයේ අද (11) පැවති මාධ්‍යය හමුවකට එකතු වෙමිනි.

මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක්වූ චමීර පෙරේරා කියා සිටියේ රාජපක්ෂ කඳවුර පෝෂණය කිරිමට තවදුරටත් මේ රටේ ජනතාව කටයුතු නොකරන බවය.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණින් 2020 වසරේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසියෙකු බවත්, ඔහුට එරෙහිව චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩු ගණනාවක් ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිසක් එක්සත් ජාතික පක්ෂය තුළ මත භේද ඇති කර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දැක් විමේ කුමන්ත්‍රණයක් ඇති බවත් ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස