ඡන්දෙට සෙනඟ අදින්න රිෂාඩ් අමාත්‍යංශේ ලක්ෂ 95ක් ඇදලා! පරීක්ෂණ ඇරඹෙයි!

December 18, 2019 at 10:32 am | by emanisa.lk

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ අමාත්‍යංශයේ සිදුවූ රුපියල් ලක්ෂ 95ක රාජ්‍ය මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් මේ වනවිට අමාත්‍යංශ මට්ටමින් විශේෂ අභ්‍යන්තර පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

මෙම පරීක්ෂණයේ වත්මන් තත්වය පිළිබඳව අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ජනාධිපති ලේකම්වරයාට නිල වශයෙන් දැනුම්දී ඇති බවටද තොරතුරු වාර්තාවේ.

පසුගිය ජනාධිපතිවරණ දින මන්නාරම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් පිරිසක් ප‍්‍රවාහනය කිරීම වෙනුවෙන් මෙම මුදල් අවභාවිත කර ඇතැයි ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇත.

මූලික පරීක්ෂණයේදී අමාත්‍යාංශය මට්ටමින් අභ්‍යන්තර විගණන පරීක්ෂණයක් සිදු කිරීමට ද නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස