ගෝඨාට සහාය දෙන්න බෑ! ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයෙක් දාන්න ඕන! රට වෙනුවෙන් අපේක්ෂකයා වෙන්න මම සූදානම්! – වෙල්ගම

September 24, 2019 at 2:25 pm | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යයෙන්ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

පක්ෂය ඉදිරිපත් කරන ඕනෑම අපේක්ෂකයෙකුට සහය දීමට තමන් සූදානම් බවද තමන්ට ඒ වෙනුවෙන් ආරාධනාවක් ලැබුණොත් රට වෙනුවෙන් අභියෝගය භාර ගන්නා බවද මන්ත්‍රීවරයා කීවේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වීමේ සුදුසුකම් සම්පූර්ණ කර ඇත්ද යන්න තාමත් ගැටලුවක් යැයි ද ඔහු ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන තිබේද යන්න තවමත් තහවුරු වී නැතැයිද හෙතෙම සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය මගින් බොරැල්ල ඇන්.ඇම් පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස