ගෝඨාට එරෙහිව පෙත්සම් ගැහුවේ රනිල් නෙමේ සජිත්! – දිළුම් අමුණුගම

October 6, 2019 at 11:05 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරනු ලැබුවේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ පාර්ශ්වය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලුම් අමුණුගම පවසයි.

අදාළ පෙත්සම් ඇමති සජිත් ප්‍රේමදාසගේ පාර්ශ්වයෙන් ගොනු නොකළ බවට කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ ඊයේ (05) සිදුකළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් දිලුම් අමුණුගම මේ බව අවධාරණය කළේය.

“නඩුවේ තීන්දුව ප්‍රකාශ කරන්න පැයකට විතර කලින් සුජීව සේනසිංහ වගේම නොයෙකුත් අය උසාවියේ ඉඳලා කළ ප්‍රකාශ.. ඒ අය කිව්වේ හොරුන්ට ඡන්දෙ ඉල්ලන්න බැරි වෙනවා. හොරු ගෙදර යනවා. වගේ කතා.

එක්සත් ජාතික පක්ෂයේ අය ඒ වගේ ප්‍රකාශ කරන්නේ මොකටද? NGO අය දාපු නඩු වෙනුවෙන්.. ඒ නිසා මම ඉතා පැහැදිළිව කියන්නේ මේ.. එක්සත් ජාතික පක්ෂයට වැඩ කරන NGO හිඟන්නො ටිකක්.

මම වගකීමෙන් කියනවා.. මේ නඩුව පැවරුවේ එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාසගේ පාර්ශ්වය විසින් ගෝඨාභය රාජපක්ෂ තරගයෙන් ඉවත් කරන්න බලාගෙනයි. මේක රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයෙන් පවරපු නඩුවක් නෙමෙයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස