ගම්පහ පොලිස් බල ප්‍රදේශ 17කට ඇඳිරි නීතිය! කිසිවෙකුට ප්‍රදේශයට ඇතුළු වීම පිටවීම තහනම්!

October 7, 2020 at 9:16 am | by emanisa.lk

ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පොලිස්බල ප්‍රදේශ 14කට වහාම ක්‍රියාත්මකවන පරිදි ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශ සඳහා මෙයට පෙර පොලිස් ඇඳිරි නීතිය පනවා තිබිණි.

අලුතින් ඇඳිරි නීතිය පැන වූ පොලිස් බලප්‍රදේශ වන්නේ,

ගම්පහ පොලිස් බල ප්‍රදේශය
කිරිඳිවැල පොලිස් බල ප්‍රදේශය
දොම්පේ පොලිස් බල ප්‍රදේශය
පූගොඩ පොලිස් බල ප්‍රදේශය
ගණේමුල්ල පොලිස් බල ප්‍රදේශය
වීරඟුල පොලිස් බල ප්‍රදේශය
වැලිවේරිය පොලිස් බල ප්‍රදේශය
මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශය
නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශය
මීරිගම පොලිස් බල ප්‍රදේශය
පල්ලේවෙල පොලිස් බල ප්‍රදේශය
යක්කල පොලිස් බල ප්‍රදේශය
ජා ඇල බල ප්‍රදේශය
කඳාන පොලිස් බල ප්‍රදේශය

මෙම කාලය තුළ කිසිවෙකු තම නිවසින් බැහැර නොයා යුතුය. කිසිවෙකුට ප්‍රදේශයෙන් පිටතට යාම හෝ ඇතුළු වීම තහනම්ය.

මෙම ප්‍රදේශ ඔස්සේ දුම්රියට සහ දුරගමන් සේවා බස් රථවලට ධාවනය කළ හැකි වුව ද ඒවා නතර කිරීම මගීන් නංවා ගැනීම මෙන් ම බැස්වීම ද සපුරා තහනම්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස