ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බුදු සසුන බබුළුවනවා! – සජිත්

October 9, 2019 at 2:57 pm | by emanisa.lk

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කළයුතු කාර්යභාරයන් සියල්ලක්ම ඒකීය ශ්‍රී ලංකාවක් තුළ කිරීමට තමන් සැදී පැහැදී සිටින බව එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අද (9) ප්‍රකාශ කළේය.

බුදු සසුන බැබළවීමට කළයුතු සියලු කටයුතු නොපිරිහෙලා ඉටු කරන බවත් සඳහන් කළේය.

ඒ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේදී ශ්‍රි ලංකා අමරපුර මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස