එජාපයේ මැති ඇමති 10කට වැඩි පිරිසක් පොහොට්ටුවට! මහින්ද හමු වී සාකච්ඡා කරයි! ඉදිරි දින කිහිපය තීරණාත්මකයි!

November 10, 2019 at 8:00 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් හා ඇමැතිවරුන් 10 දෙනකුට වැඩි පිරිසක් පොහොට්ටුව සමඟ එක්වීමට සාකච්ඡා කරමින් සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

මේ සියලු දෙනා තමන් සමඟ සාකච්ඡාවට පැමිණියේ කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව යැයි ද ඔහු සඳහන් කළේය.

පසුගිය සතියේ මේ සම්බන්ධව තමන් ඔවුන් හා සාකච්ඡා වට තුනක් පැවැත්වූ බව ප්‍රකාශ කළ මහින්ද රාජපක්ෂ අවසන් සතියේ දේශපාලන වේදිකාවේ පෙරැළි සිදුවන්නට ඉඩ ඇති බවද අවධාරණය කළේය.

මෙම සාකච්ඡාවලට පැමිණි එ.ජා.ප. මැති ඇමැතින් තමන් සමඟ සඳහන් කළේ සිය පක්ෂයේ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ උතුරට හා දකුණට ස්ථාවර දෙකක් ප්‍රකාශ කිරීම සහ බොහෝ පක්ෂ තීන්දුවලදී දෙතුන් දෙනෙක් තනිව ක්‍රියා කරන්නට යාම ගැන ඔවුන් කලකිරී සිටින බව යැයි ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස