උතුරේ තවත් පක්ෂයක් ඊළම අත්හැර ඒකීය ශ්‍රී ලංකාවට තුරුළුවෙයි! ඊරෝස් පක්ෂය ගෝඨා සමග එකතුවෙයි!

September 2, 2019 at 3:59 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණයේදී සහාය ලබා දීමට ඊලාම් ප‍්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණ හෙවත් ඊරෝස් (EROS) පක්ෂය තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ ඇතුලු පිරිසක් සමග ඊරෝස් පක්ෂ නියෝජිතයින් වවුනියාවේදී කළ සාකච්ඡාවක ප්‍රතිඵලය ලෙස ඊරෝස් පක්ෂය මෙම තීන්දුවට එළඹ තිබේ.

මෙම සංවිධානය ලන්ඩනයේ දී 1975 දී අරුල් ප්‍රගසම්, එලියතම්බි රත්නසබාපති, වී. බාලකුමාරන්, නේසතුරෙයි සිවනේෂන් ඇතුළු පිරිසක් ආරම්භ කළේය. මාක්ස්වාදය පදනම් කරගෙන දෙමළ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කළ මෙම කණ්ඩාම මුල දී ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ලෙස උතුරේ ක්‍රියාත්මක විය. අනතුරුව කොටි සංවිධානයේ නැඟීමත් සමග එහි බොහෝ සාමාජිකයන් ඊට එකතු විය.

කලකට පෙර උතුරු නැඟෙනහිර වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටි මෙවැනි කණ්ඩායම් ඊට එරෙහි ගෝඨාභය රාජපක්ෂ කඳවුර සමග සන්ධානගත වීම ඉතාම සුබවාදී සංඥාවක් බව දේශපාලන විශ්ලේකෂකයන්ගේ අදහසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස