උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයට හිටපු රේගු අධ්‍යක්ෂ පී. එස්. එම්. චාල්ස්!

December 17, 2019 at 8:38 am | by emanisa.lk

මේ දක්වා පුරප්පාඩු වී ඇති උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පී. එස්. එම්. චාල්ස් පත් කිරීමට අවධානය යොමුව තිබේ.

ඇය පසුගිය එජාප රජයේ රේගු අධ්‍යක්ෂ ධුරයේ සිටි අතර එවකට විෂය භාර අමාත්‍යවරයා ඇය ඉවත් කිරීමට කිහිප වතාවක්ම උත්සාහ කලත් රෙගුවේ සේවකයෝ එයට දැඩි ලෙස විරෝධය පල කළහ.

උතුරු පළාත් ආණ්ඩුකාර ධුරය භාර ගන්නැයි හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට ආරාධනා කළ ද දෙමළ ජාතික සන්ධානයෙන් සහ සෙසු පාර්ශ්වවලින් සිදුවිය හැකි අයථා බාධා කිරීම් පිළිබද සැකයෙන් මුරලිදරන් මෙන්ම තවත් කිහිප දෙනෙකුද උතුරු පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා කෙරුණු ආරාධනා ප‍්‍රතික්‍ෂෙප කර ඇතැයි වැඩි දුරටත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස