ඉරාජ් කියන්නේ ලිංගික අප්‍රාණිකයෙක්! එජාපයේ ශ්‍රෙෂ්ඨයන්ට මඩගහනවා! – හරීන්

November 14, 2019 at 4:16 pm | by emanisa.lk

ගෝඨාභය හොරකම් කළ මුදල් යොදාගෙන ලිංගික අප්‍රාණිකයෙකු වන ඉරාජ් වීරරත්න එජාපයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ට මඩ ගසන බව ඇමති හරීන් ප්‍රනාන්දු ෆේස්බුක් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

ගෝඨාභය ලබන දැවැන්ත පරාජයට මෙම මඩ ප්‍රචාරය හේතු වන බව ද ඇමතිරවරයා පෙන්වා දෙයි.

එම සටහන ඔහු සිය නිල ෆේස්බුක් පිටුවට එකතු කර ඇත්තේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු තහනම්ව ඇති පසුබිමක. එම සටහන මෙසේය.

“ශ්‍රී ලාංකේය තරුණ තරැණියන්ට දෙකේ පංතියේ ලිංගික දර්ශන සහිතව මියුසික් වීඩියෝ හදුන්වා දී youtube දාලා එදා වේල හම්බ කරමින් වික්ටර් රත්නායක වැනි රටම ආදරය කරන විශිෂ්ඨ කලාකරැවන්ගේ ගේ ජීවිත වලට මඩ ගසා ලංකාවේ සංගීතය සහ සංස්කෘතිය විනාශ කල මේ ලිංගික අප්‍රාණිකයා මේ දිනවල ගෝඨාභයගේ හොරකම් කරපු සල්ලි වලින් දිගින් දිගටම එක්සත් ජාතික පක්ශයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ට මඩ ගසයි. මූගේ මෝඩ චූන් හෙට ගෝඨාගේ දැවැන්ත පරාජයට හේතු වනු ඇත.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස