ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය වැටලීම් ගණනක් කළ රංගජීව නැවතත් සේවයේ පිහිටුවයි!

December 29, 2019 at 8:29 am | by emanisa.lk

ලංකා ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය වැටලීම් ප්‍රමාණයක් සිදුකළ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නැවතත් සේවයේ පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ සෝදිසි මෙහෙයුමක් අතරතුර සිරකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ඔහු අත්අඩංගුවට ගෙන සිරගත කර තිබිණි.

2018 වසරේ පසුගිය ආණ්ඩුවට ඔහු නැවත සේවයේ පිහිටුවීමට සිදු වුවද ඔවුන් රංගජීව පුස්තකාලාධිපති ධුරයකට පත්කර තිබිණි.

රංගජීව සිය ජීවිතය දෙවෙනි කොට රාජකාරීයට කැප වූ නිලධාරියකු වන අතර මත්ද්‍රව්‍ය කිලෝ සිය ගණනක් අත්අඩංගුවට ගත් ඔහු ජාවාරම්කරුවන් 47 දෙනෙකු පමණ නීතිය හමුවට පමුණුවා මරණ දඬුවම ලබා දීමට කටයුතු කළ නිලධාරියෙකි.

පිලියන්දල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලැබූ රංගජීව නම ඇසූ සැනින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බියට පත්වන චරිතයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස