ඇමරිකාව චීනයට එරෙහිව ගෝඨා ජනාධිපති කරන්න හදනවා! ගෝඨා ඇමරිකානු රූකඩයක්! – ජවිපෙ

August 28, 2019 at 1:30 pm | by emanisa.lk

ඇමරිකාව ගෝඨාභය රාජපක්ෂ නම් සිය රූකඩයක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්කර චීනයට එරෙහිව යොදා ගැනීමට සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අවසාන මානුෂික මෙහෙයුම් සමයේ 58 වෙනි සේනාංකයට අණ දුන් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයට පත් කරන විට ඊට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කරන ඇමරිකානු තානාපති කාර්යාලය එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක ධුරයට නම් කරන විට නිහඬ බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසයි.

චීනයට එරෙහිව කඳවුරු බඳින ඇමරිකාව ශ්‍රී ලංකාවේ වැදගත්කම අවබෝධ කරගෙන එය එජාපය ලවා ඉටුකරගත නොහැකි නම් සිය රූකඩයක් දමා හෝ ඉටු කරගැනීමට මාන බලන බවට චෝදනා කළේය.

ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රීලංකාවේ චීන තානාපති චෙන්ග් ක්ෂූවාන්( Chang Xueyuan) මෑතක දී ගෝඨාභය රාජපක්ෂ හමු වූ අවස්ථාවකි. පසුගිය රාජපක්ෂ පාලන සමයේ මහින්ද මෙන්ම ගෝඨාභය ද චීනය සමග සමීප සබඳතාවක් පවත්වා ගෙන ගියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස