වෙනිසියුලාවට අත නොතබනු! – ජවිපෙ

February 8, 2019 at 9:40 am | by admin

ඇමරිකා එක්සත් ජනපදය විසින් වෙනිසියුලාව අරබයා සිදු කරනු ලබන අධිරාජ්‍යවාදී මැදිහත්වීමට විරෝධය දක්වමින් ලොව පුරා ප්‍රගතිශීලී සහ වාමාංශික පක්ෂ සංවිධාන විසින් සිදුකරනු ලබන විරෝධතා දැක්වීම්වලට සමගාමීව ජනතා විමුක්ති පෙරමුණද අද (08) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිතරවූහ.

විරෝධතාවයෙන් අනතුරුව තානාපති කාර්යාලයට ලිපියක්ද භාර දෙන ලදි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා, ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා, මධ්‍යම කාරක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතා, සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කමිටු සාමාජික අංජන අමරසිංහ මහතා ඇතුළ බොහෝ පිරිසක් ඊට එක්වී සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *