ආණ්ඩුවේ දේශපාලන දඩයම හෙළිකළ සුහදටත් දිල්රුක්ෂිගේ ඉරණම අත්වෙයි! “වහා ඉල්ලා අස්වනු! නැත්නම් බලාගමු!” – අධිකරණ ඇමතිනිය ගොරවයි…..

October 2, 2019 at 11:31 am | by emanisa.lk

හිටපු සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති ධූරයෙන් අද වන විට ඉල්ලා අස් නොවුනොත් තමන් ඔහු සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තලතා අතුකෝරළ ඊයේ (01) ප්‍රකාශ කළාය.

මුදල් ඇමැති මංගල සමරවීරගේ කොළඹ පිහිටි නිල නිවසේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවේදී අධිකරණ අමාත්‍යවරිය මේ බව සදහන් කළාය.

ගෝඨාභයට නඩු දාන්න රජය බලපෑම් කළ ආකාරය ජාතික පුවත්පතක් සමග සුහද ගම්ලත් සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් මගින් හෙළිදරව්ව කිරීම පිළිබදව මාධ්‍යවේදියෙක් ඇමැතිවරියගෙන් විමසූ අවස්ථාවේදී ඇය මෙසේ කීවාය.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අධිකරණයට සිදුකළ බලපෑම් හෙළිදරව් කිරීම නිසා සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහට ද පසුගියදා ඉල්ලා අස්වීමට සිදුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස