අපි සුපිරි ආර්ථිකයක් හදලා තිබුණා! මෙි ආණ්ඩුව කොරෝනා එන්නත් කලින් ඒක විනාශ කළා! – කබීර් හෂීම්

May 13, 2020 at 10:06 am | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ වහා ඔවුන්ගේ අදක්ෂ ආර්ථික කළමනාකරණය නිසා ආර්ථිකය බිඳ වැටුණු බව සමගි ජනබලවේගයේ කබීර් හෂීම් පවසයි.

එම ආර්ථික බිඳ වැටීම සිදු වූයේ කොරෝනා වසංගතය පැමිණීමට පෙර බවත් දැන් කොරෝනා නිසා ආර්ථිකය බිඳ වැටුණු බව පවසන බවත් හෙතෙම පවසයි.

වියත්මගේ ආර්ථික ඔස්තාර්ලා ණය නොගෙන ආර්ථිකය ගොඩනඟන බවට කළ ප්‍රකාශ අස පුස්සක් වී ඇතැයි ද හෂීම් පවසයි.

පී.බී. ජයසුන්දර මෙරට දැඩි ණය අර්බුදයක් ඇති බවට කළ ප්‍රකාශය නිසා කොටස් වෙළෙඳපොළ බිඳ වැටුණ බවත් මෙරට මුදල් ආයෝජනයට කිසිවෙකුට විශ්වාසයක් නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස