මහින්දගේ රැස්වීමට විපක්ෂයේ 93ක් නෑ! 34ක් එන්න තීන්දුයි!

May 3, 2020 at 7:37 am | by emanisa.lk

හෙට (4) අරලියගහ මන්දිරයේ අගමැති මහින්ද රාජපක්ෂ විසින් කැඳවීමට නියමිත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුව වර්ජනය කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 127 අතරින් 93ක් තීරණය කර තිබේ.

ඒ එජාප සජිත් පිලේ මන්ත්‍රීවරුන් 87ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනාය. කෙසේ වුවද එජාප රනිල් පිලේ මන්ත්‍රීවරුන් 19 සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 15 මෙයට සහභාගී වනු ඇත.

කොරෝනා මර්දන වැඩසටහනේ නවතම තත්ත්වය, විදෙස් රටවලින් ලැබුණේ යැයි කියන ආධාර පිළිබඳ විස්තර මෙහිදී මන්ත්‍රී පිරිස දැනුම්වත් කිරීමට නියමිත අතර විපක්ෂ මන්ත්‍රීවරුන්ට ද සිය යෝජනා ඉදිරිපත් කළ හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස