අපි පරාද වෙන බව දැනං හිටියා! ඒත් මේ විදිහට අන්ත පරාජයක් ලැබෙයි කියලා හිතුවේ නෑ! – නවීන්

December 4, 2019 at 10:07 pm | by emanisa.lk

ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ලැබුවේ බලාපොරොත්තු වූ පරාජය නොව අන්ත පරාජයක් බවත් එය නිහතමානීව පිළිගන්නා බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක පවසයි.

එජාපය සිංහල බෞද්ධ ජනතාවගෙන් ඈත් වීමට හේතු මොනවාද ඒ සඳහා සිය පක්ෂය කළ වැරදි මොනවාද යන්න සහ එම ජනතාව නැවත දිනාගැනීම සඳහා අනුගමනය කළ යුතු දේශපාලන උපක්‍රම පිළිබඳ පක්ෂය නැවත සොයා බැලිය යුතු බවත් ඔහු පවසයි.

මෙම පරාජය හෑල්ලුවට ලක් නොකර එය නිහතමානීව පිළිගෙන කටයුතු කළ යුතු බවත් ඒ සඳහා යම් කාලයක් උවමනා බවත් හෙතෙම අවධාරණය කරයි.

මංගල සමරවීර සහ රංජන් රාමනායක සිදුකළ ප්‍රකාශ සිය පක්ෂයේ ඡන්ද පදනම බිඳ වැටීමට බලපෑම් කළේ යැයි තමා පෞද්ගලිකව විශ්වාස කරන බව ද ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස