අපි පක්ෂෙටම කඹුරලා නාකිවෙලා කොන්ඩෙත් සුදුවෙලා! අපි පාර්ලිමේන්තු යන එක හීනයක් වෙලා! – හිටපු මන්ත්‍රීනිය රනිල් හමුවේ හඬා වැටෙයි…

March 11, 2020 at 1:19 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක්ද සිරිකොතේදී පවත්වා ඇති අතර එහිදී හිටපු පළාත් සභා මන්ත්‍රිනී ශාන්තිනී කෝන්ගහගේ ඉතාමත් සංවේදී ලෙස අදහස් දැක්වූ බව වාර්තා වෙයි.

ශාන්තිනීගේ දෑස්වලින් වරෙක කඳුළු ගුළි රූරා වැටෙනු දැකගත හැකි වූ බව එහි සිටි සංවිධායකවරු සඳහන් කළහ.

‘බලන්න සර් අපිට දැන් වෙලා තියෙන් දේ. මම මේ පක්‍ෂය වෙනුවෙන් අවුරුදු 30ක් වැඩ කළා. අපි කවදාවත් පාර්ලිමේන්තු යන්නේ නැද්ද? මොකක් හරි දෙයක් ළඟට එද්දි පක්‍ෂය ඇතුළේ අර්බුදයක් ඇති වෙනවා.

බලන්න දැන් මගේ හැටි. මගේ කොණ්ඩෙ සුදු වෙලා. මම දැන් නාකි වෙලා. පක්ෂෙ වැඩවලට ගිහින් මම ලක්‍ෂ 70ක් විතර ණයවෙලා.

පසුගිය ජනාධිපතිවරණය කළේ දුවගෙ වෙඩින් එක කරන්න ඉතුරු කරගෙන හිටපු සල්ලිවලින්. මේ කරන වැඩවලින් වෙන්නෙ අපි විනාශ වෙන එක විතරයි.’

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස