අපි ජනාධිපතිවරණය වර්ජනය කරන්නේ නෑ! අපේ ඉල්ලීම් ලබා දෙන අපේක්ෂකයාට ඡන්දය දෙනවා! – විග්නේශ්වරන්

October 24, 2019 at 5:07 pm | by emanisa.lk

දෙමළ ජනතාව මෙවර ජනාධිපතිවරණය වර්ජනය කරන බවට පළවන ප්‍රකාශ අසත්‍ය වන බව දෙමළ ජාතික පෙරමුණ පක්ෂයේ නායක සී.වී. විග්නේශ්වරන් පවසයි.

විග්නේශ්වරන් පැවැසුවේ මෙවර ජනාධිපතිවරණය දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ලද වටිනා අවස්ථාවක් බැවින් ඒ වෙනුවෙන් ඔවුන් ඡන්දය භාවිත කරනු ඇති බවය.

ඡන්දය වර්ජනය කිරීමේ කිසිදු සූදානමක් දෙමළ ජනතාව තුළ හෝ දෙමළ දේශපාලන පක්ෂ තුළ නොමැති බවද හෙතෙම පැවසුවේය.

දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම වෙනුවෙන් දෙමළ දේශපාලන පක්ෂ සියල්ල එක්ව සිටින අතර, ලිඛිත ගිවිසුමක් අනුව ජනාධිපති අපේක්ෂකයකු වෙත සහෝගය ලබා දෙන බව ද හෙතෙම සඳහන් කරයි.

දෙමළ ජනතාව මෙවර ජනාධිපතිවරණයේ දී සිය කැමැත්ත අවබෝධයෙන් යුතුව භාවිත කළ යුතු අතර, ඒ තුළින් දෙමළ ජනතාවගේ වටිනාකම ලබා ගැනීමට කටයුතු කළ යුතු බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස