අපි ඡන්දෙට දැම්මේ පක්ෂයේ ජනප්‍රියම අපේක්ෂකයා! කියන්න කනගාටුයි ගෝඨාට සටනක් දෙන්නවත් බැරිවුණා! – නවීන්

November 23, 2019 at 3:08 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය තුළ ජනප්‍රියම නායකයා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුතුය යන මතයක් පැවති හෙයින් එසේ ඉදිරිපත් කළ නමුත් ලැබුණු ප්‍රතිඵලය කණගාටුදායක බව එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක පවසයි.

තම අපේක්ෂකයාට ලැබුණු ඡන්ද සංඛ්‍යාව ඉතාම අඩු එකක් බව පැවසූ ඒ මහතා අවම වශයෙන් කරට කර සටනක් දීමට හෝ නොහැකි වූ බවයි පෙන්වා දුන්නේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීම වෙනුවට පක්ෂයක් ලෙස ස්වයං විවේචනාත්මකව මේ දෙස බැලිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස