සජිත්ගේ මීටිමට මුළු ගමෙන්ම ආවේ 30යි! පැමිණි සැමට පර්චස් 10ක ඉඩමක් නවීන්ගෙන්! (video)

November 11, 2019 at 6:02 pm | by emanisa.lk

ඇමති සජිත් ප්‍රේමදාසගේ ජනපතිවරණ ප්‍රචාරය සඳහා පැමිණි සියලු දෙනාට රජයේ ඉඩම් පර්චස් 10 බැගින් ලබා දීමට ඇමති නවීන් දිසානායක පොරොන්දු විය.

මෙම ජනහමුව සඳහා මුළු ගමේම ජනතාව අතරින් පැමිණ ඇත්තේ 30 දෙනෙකුට අඩු පිරිසකි. රූපවාහිනී නාළිකාවල මයික් සහ කැමරා ඉවත් කර මාධ්‍ය හමුව අමතමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

මේ අවස්ථාවට පැමිණි සියලු දෙනාගේ නම ලිපිනය සහ දුරකතන අංකය සටහන් කර ගන්නා ලෙසත් ඒ සියලු දෙනාට ඉඩම් ලබා දෙන බවත් ඔහු අවධාරණය කළේය.

මෙය සම්පූර්ණයෙන්ම මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් ඡන්දය ලබා ගැනීම සඳහා සිය දේශපාලන බලය අවභාවිත කරමින් අල්ලස් ලබා දීමක් බවට සමාජ මාධ්‍යවල අර්ථකතනය කර තිබේ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස