අනුරාධපුර පුදබිමේ අරාබි පාසල හැදුවේ හොර ඔප්පුවකින්! පුරාවිද්‍යා බලධාරීන් මර නින්දේ!

May 27, 2019 at 10:11 am | by admin

අනුරාධපුර, පරසන්ගස්වැව, අසිරික්ගම අරාබි පාසලක් පවත්වා ගෙන ගිය පුරාවිද්‍යා භූමිය හොර ඔප්පුවකින් මගින් අන්තවාදීන් තමන් සතු කරගෙන ඇති බව තහවුරු වී ඇත.

මෙම අරාබි පාසල් භූමියේ විනාශ කළ ඉපැරණි චෛත්‍යයක නටබුන් හමු වී ඇති අතර පුරාවිද්‍යා නටබුන් පිරි අක්කර 05ක පමණ භූමියට යාබද පලුගස්වැව රක්ෂිතයේ කොටසක් ද නීති විරෝධී ලෙස ඇඳාගෙන තිබේ.

මෙම ඉඩම සඳහා අධිකරණයේ නඩුවක් විභාග වන පුරාවිද්‍යා බලධාරීන් සනාථ කර ඇත. කෙසේ වුවද නඩුවක් පවතින පුරාවිද්‍යා භූමියක මෙවැනි අන්‍යාගමික ඉදිකිරීම් සිදුකර පුරාවිද්‍යා උරුමයන් විනාශ කරන තුරු පුරාවිද්‍යා බලධාරීන් කුමක් කළේ ද යන්න ගැටළුවකි.

එක්තරා නායක භික්ෂූන් වහන්සේ නමක් වරක් ප්‍රකාශ කළේ මේ රටේ බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීමට ඇති විශාලතම බාධාව සුද්දා විසින් හඳුන්වා දුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස