අගොස්තු 23 සජිත් අගමැති ධුරයේ දිවුරුම් දෙයි!

August 21, 2019 at 11:39 am | by emanisa.lk

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අගෝස්තු 23 වෙනිදා අගමැති ධුරයේ දිවුරුම් දීමට සූදානම් බවට පුවතක් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යයි.

අජිත් පී. පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ යහපාලන ආණ්ඩුව බිඳ වැටුණු පසු එජාප ආණ්ඩුවට සහාය පළ කළ මන්ත්‍රීවරුන් 123 දෙනා අතරින් 97 දෙනෙකු සජිත් ප්‍රේමදාසට සහාය දක්වන බවය.

පාලක පක්ෂයේ බහුතරය සහාය ලබා දෙන ඕනෑම අයකු අගමැති ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයාට හැකි බවත් එම අගමැතිවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ 113කගේ කැමැත්ත උවමනා බවත් දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස