අගමැති මහින්ද ඉවතට! ගෝඨා-සජිත් ආණ්ඩුවක් සිංහල අවුරුද්දට!

December 22, 2019 at 11:13 pm | by emanisa.lk

එළඹෙන අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස අගමැති ධුරයට පත්වීමට විශාල ඉඩක් නිර්මාණය වී ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.

සජිත් ප්‍රේමදාස මේ රටේ තනිව පාලනය කිරීමට සිතන අයකු නොව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සම්මුතියෙන් රට පාලනය කිරීමට සූදානම් අයකු බව ද හෙතෙම පැවසීය.

ඒ අනුව සජිත් ප්‍රේමදාස අගමැතිතුමා සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනතාවට සතුට ගෙන එන සුසංයෝගයක් වනු ඇති බවට ද ඔහු බලාපොරොත්තු පළ කළේය.

අද (22) බණ්ඩාරගම පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස