LIOC තෙල් මිල වැඩි කරන බව අපට දැනුම් දුන්නේ නෑ! අපි සිපෙට්කෝ තෙල් මිල වැඩි කරන්නෙත් නෑ! – අමරවීර

May 18, 2020 at 10:54 pm | by emanisa.lk

LIOC සමාගම පෙට්‍රල් මිල ඉහළ නැංවුවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිපෙට්කෝ මධ්‍යස්ථානවල ඉන්ධන මිල ඉහළ දැමීමක් කිසිසේත් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ පෙට්‍රල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් IOC සමාගම කිසිදු පූර්ව දැනුම්වත්කිරීමක් සිදු කර නොමැති බවයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ‍ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව රුපියල් 137 ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 142 කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව