ආණ්ඩුව අපට බදු පිට බදු ගහනවා! අපි පෙට්‍රල් මිල වැඩි කළේ ඒ නිසයි! – LIOC

May 18, 2020 at 2:11 pm | by emanisa.lk

මේ වන විට තම ආයතනය පෙට්‍රල් ලීටරයක් සඳහා රු. 17ක දැවැන්ත පාඩුවක් ලබන බව ලංකා ඉන්දීය ඔයිල් සමාගම පවසයි.

ඔවුන් මෙසේ පවසා ඇත්තේ රු. 137ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 142 දක්වා ඉහළ නැංවීමට හේතු දක්වමිනි.

මේ වන වන විට රජය පනවා ඇති අධික බදු නිසා තමන්ට පෙට්‍රල් ලීටරයකින් රු. 17ක දැවැන්ත පාඩුවක් ලැබීමට සිදුව ඇතැයි ද ලංකා ඉන්දීය ඔයිල් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා පවසා තිබේ.

මේ අතර ලංකා ඉන්දීය ඔයිල් සමාගමින් තෙල් මිල දී ගැනීම අත්හිටුවීමට එම සමාගම් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *