පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී කල්ලියේ 97% ක පමණ පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි. අද පෙරවරුවේ මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
මෙම ප්‍රහාරයට සම්බන්ධව තවත් අත්අඩංගුවට ගැනීමට ඇත්තේ ඉතාමත් සුළු පිරිසක් බවත් ඔවුන් පිළිබඳ ද විමර්ශන කටයුතු කරගෙන යන බවත් ඔහු පැවැසීය.
“එම කල්ලි සම්බන්ධයෙන් සුළුවෙන් හෝ සහයෝගය දුන් අය ත්රස්තවාදීන් වශයෙන් අත්අඩංගුවට ගන්නවා. රාජකාරි කරන ලෙස ආරක්ෂක අංශ සඳහා අපි පූර් ණ නිදහස, පූර්ණ බලතල ලබා දී තිබෙනවා. ඒ සඳහා කිසිම දේශපාලන ඇඟිලි ගැසීමක් කරන්නේ නැහැ.”
“නාමල් කුමාර, අමිත් වීරසිංහ වැනි අය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ සම්බන්ධතා තිබෙනවාද යන්න පරීක්ෂා කිරීම සඳහායි.”
අද