ත්රස්තවාදීන් ඉලක්ක කළ ඝාතන ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ තම බවත් එසේ වූ පමණින් ත්රස්තවාදයට එරෙහි සටන තමා නතර නොකරන බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අට දෙනෙකුගේ ඝාතන ලැයිස්තුවේ තමා ඉහළින්ම සිටින බවත් ආරක්ෂක අංශවල උපදෙස් අනුව ඊයේ සහ පෙරේදා නිවසට වී සිටි බවත් ඇමතිවරයා ඊයේ (30) සඳහන් කළේය.
ත්රස්තවාදීන් සමග තමා කිසි දිනක ගනුදෙනු කර නැති බවත් ත්‍රස්තවාදය ලෙහෙසි පහසුවට ගන්නේ නැති බවත් ආරක්ෂක අංශ උපදෙස් අනුව ත්රස්තවාදයට මුහුණ දීමට සූදානම් බවත් හෙතෙම පවසයි.