මේ රටේ වචනයට පමණක් සිමාවී තිබු සංවර්ධනය ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්විමට වත්මන් රජයට හැකි වු බව අමාත්‍ය මංගල සමරවීර පවසයි. මාතර පස්ගොඩ වතුනිවාස 50 ක් ඉදිකිරිම සඳහා මුල්ගල තැබිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මේ රටේ ජනතාවට නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය පහසුකම් ලබා දීමට වතු ජනතාව සුවිශාල සේවයක් කළ බව ද ඇමතිවරයා සිහිපත් කළේය.
කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය මගින් වතු ආශ්රිත නිවාස දහහතරදහසක් ඉදි කිරිමේ වැඩසටහන යටතේ මෙම නිවාස සඳහා මුල්ගල් තැබුණි. ඉන්දිය රජයේ මුල්‍යධාර යටතේ මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මක වන අතර ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන පනහක්.