ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සන්නාමය වෙනස් කිරීම සඳහා රු. බිලියන 02ක් වැය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිදුකළ ප්‍රකාශයෙහි කිසිදු සත්‍යතාවක් නැතැයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් ජාතික තොරතුරු හා සන්නිවේදන සේවා සම්පාදක ආයතනය වන තමන්ගේ කීර්ති නාමයට හානිකරන බව ද ටෙලිකොම් සමාගම අවධාරණය කරයි.
තම සමාගම පසුගිය පාලන සමයේ සිදු වූ නාස්තිය අවම කරගෙන සාර්ථක ලෙස ඉදිරියට යන බව ද ටෙලිකොම් සහ මොබිටෙල් සන්නාම එකම සන්නාමයක් ලෙස ඒකාබද්ධ කළ බව ද එහි සඳහන් වෙයි.
ඒ සඳහා එකම සන්නාමයක් නිර්මාණය කිරීම අවම පිරිවැයක් යටතේ සිදුකළ බව ද සිය සමාජ වගකීම් නොපිරිහෙලා ඉටු කරන බව ද නිවේදනයෙහි වැඩි දුරටත් දැක්වෙයි.