කොරෝනා මරණ ආදාහනය අනිවාර්ය කිරීම පිළිගන්න බැහැ! අවසන් ආගමික කටයුතුවලට ඉඩ නොදීම ආගමික අයිතිය පැහැර ගැනීමක්! – මානව හිමිකම් කොමිසම

November 27, 2020 at 8:12 am | by emanisa.lk

කොරෝනා වෛරසය වැළඳී මරණයට පත්වෙන පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය අනිවාර්ය කිරීම පිළිගත නොහැකි බව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිපියක් යවමින් කියා සිටියි.

කොවිඩ් වයිරසයෙන් මිය ගිය හෝ මියගිය බවට සැක කරන අයගේ ආදාහනය අනිවාර්ය කිරීම මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නොවන බවත් එම කොමිසම සිය ලිපියේ සඳහන් කර තිබේ. මරණයට හේතුව පිළිබඳ නිශ්චිත සාක්ෂි ලබා නොගෙන මළ සිරුරු බලහත්කාරයෙන් හා ඉක්මණින් ආදාහනය කිරීම මෙන්ම පිළිගත් ආරක්ෂක පියවරයන් අනුගමනය කරමින් පවුලේ සාමාජිකයින්ට අවසන් කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබානොදීම ආගම ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය කිරීමක් බව කොමිසම සඳහන් කරයි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇති ආකාරයට කොවිඩ් වයිරසයට අදාළව 2020 නොවැම්බර් 9 වැනි දින වන විට ආදාහනය කිරීම් 35ක් සිදු කර ඇත. ඉන් 17ක් මුස්ලිම් පුද්ගලයින්ගේ මළ සිරුරු වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශයන්ට පටහැනිව ඇතැම් විට මළ සිරුරු සම්බන්ධයෙන් පීසීආර් පරීක්ෂණ සිදු කරන අතර බොහෝ අවස්ථාවන්හිදී පීසීආර් ප්‍රතිඵල ලබා දෙන්නේ මරණයෙන් පැය 48-72කට පසුව බව එම ලිපියේ සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස