මුස්ලිම් කොරෝනා මරණ භූමදානයට ඉඩදුන්නොත් බෞද්ධ කොරෝනා දේහවල ආගමික කටයුතු ප්‍රසිද්ධියේ කරනවා! – පාහියංගල ආනන්ද සාගර හිමි

November 16, 2020 at 9:14 am | by emanisa.lk

මෙ රට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මිය යන පුද්ගලයින්ගේ දේහ පිළිබද අවසන් කටයුතු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දී ඇති උපදෙස් අනුව සිදුකළ යුතු බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසති.

එසේ නොමැතිව ඉස්ලාම් ආගමිකයන් කොරෝනා ආසාදනයෙන් මියගොස් ගිය විට මෘත දේහ භූමදාන කරන්නට ඉඩ දුන හොත් මෙ රට බෞද්ධයන්ගේ ආගමික කටයුතු ද එළිමහනේ ප්‍රසිද්ධියේ සිදු කරන බව එ හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම කටයුතු තීරණය ගත යුත්තේ වෛද්‍ය විද්‍යාත්මකව සලකා බැලීමෙන් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව අර්ථයෙන් මිස ආගමික වුවමනා මත නොවන බවයි.

කොවිඞ් මරණ අවසන් කටයුතු සිදු කිරීමේ ක්‍රියාවලිය රටින් රටට වෙනස් වූවත් ශ්‍රී ලංකාවේ පොළොව අඩි පහක් ප්‍රමාණයක් හැරීමේ දී ජලය මතුවන ස්වභාවයක් පවතින හෙයින් විද්‍යානුකූලව ඔප්පු වී ඇත්තේ කොවිඞ් වෛරසය ආසාධනය වී ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ මෘතදේහ පිළිබදව අවසන් කටයුතු සිදු කිරීම ආදාහනයෙන් පමණක් සිදු කිරීම බව ද ආනන්ද සාගර හිමියෝ අවධාරණය කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස