කොරෝනා මරණ භූමදානයට මෙතෙක් තීන්දුවක් ගෙන නෑ! – සෞඛ්‍ය අමාත්‍යංශය

November 10, 2020 at 2:11 pm | by emanisa.lk

කොරෝනා ආසාදනය වී මිය යන ඉස්ලාම් භක්තිකයන් භූමදානය සඳහා අවසර ලබා දුන් බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කොරෝනා වැළඳී මිය ගිය මුස්ලිම් ජාතිකයන් ආදාහනය සඳහා අවසර ලබා දුන් බවට සමාජ මාධ්‍යවල පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මේ බව ප්‍රකාශ කළේ ය.

කොරෝනා මරණ ආදාහනය පිළිබඳ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි පසුගිය කැබිනට් මණ්ඩලයේ දී අදහස් දක්වා ඇති අතර ඒ පිළිබඳ තීන්දුවක් ගත යුත්තේ කැබිනට් මණ්ඩලය නොව සෞඛ්‍ය අමාත්‍යංශය බවට ඇතැම් පිරිස් අදහස් දක්වා තිබේ.

කෙසේ වුව ද සිලෝන් තවුහිද් ජමාද් සංවිධානය ආණ්ඩුව කොරෝනා වැළඳී මියෙන ඉස්ලාම් භක්තිකයන් භූමදානයට අවසර දුන් බව පවසමින් ඒ සඳහා ස්තූතිය පළකරමින් නිවේදනයක් නිකුත් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස