කොරෝනා මරණ භූමදානයට ජාතික හෙළ උරුමය පක්ෂයි!

November 23, 2020 at 9:44 pm | by emanisa.lk

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මත රටවල් 200ක් කොරෝනා මරණ භූමදානයට අවසර ලබා දෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.

එහෙත් ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතිය අනුව භූමදානය සඳහා අවසර නොදී කොරෝනා සඳහා එන්නත් භාවිතයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබෙන තුරු බලා සිටීම පරස්පර බව ද මන්ත්‍රීවරයා පවසයි.

සමගි ජන බලවේගය, දෙමළ ජාතික සංධානය, ජනතා විමුක්ති පෙරමුණ මෙන් ම ජාතික හෙළ උරුමය ද කොරෝනා මරණ භූමදානයට මුස්ලිම් ජනතාවට ඉඩදිය යුතු බව පිළිගන්නා බව ද ඔහු අවධාරණය කළේ ය.

අද (22) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස