ගාල්ල අක්මීමන ප්‍රදේශයේ 23 හැවිරිදි කොරෝනා ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයා පසුගිය දිනක මිනුවන්ගොඩ ප්‍රදේශයේ සාදයකට සහභාගී වී ඇති බවට අනාවරණය වී තිබෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
විදෙස්ගත වීමට අවශ්‍ය නිසා ඊට අදාළ PCR පරීක්ෂණය පෞද්ගලික රෝහලකින් කරන ලද අවස්තාවේදී අදාළ පුද්ගලයාට කොරෝනා අසාදනය වී ඇති බව ඊයේ (29) හෙළිවිය.
ඔහුට කොරෝනා වෛරසය වැළඳී ඇති ආකාරය පිළිබඳ ඊයේ දිනයේ දී ගැටළුවක්ව පැවති අතර ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කිරීමේදී ඔහු මෙලෙස මිනුවන්ගොඩ ප්‍රදේශයේ සාදයකට සහභාගී වී ඇති බව හෙළිවූ බව සඳහන් වෙයි.