දෙවන රැල්ලේ අභිරහස් මුල සොයා ගනී…..! හමුදාපති හෙළිකරයි…!

October 22, 2020 at 10:58 am | by emanisa.lk

අද වන විට රට තුළ ඇති වී තිබෙන කොරෝනා දෙවන රැල්ල පැතිර ගොස් තිබෙන්නේ මංගල සාද දෙකක් මුල්කර ගෙන බව තහවුරු වී ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

රට පුරා ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් කොරෝනා පරීක්ෂණ වැඩි කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන ඇතැයි ද හෙතෙම පැවසී ය.

මේ හේතුවෙන් මහ ජනතාව ගැවසෙන උත්සව සාද සංවිධානය නො කිරීමටත් ඒවාට සහභාගී නො වී සිටීමටත් සියලු දෙනාම වගකීමක් සේ සැලකිය යුතු බවද ඔහු කියා සිටියේ ය.

ඉදිරි කාලය ඉතාමත් තීරණාත්මක බැවින් මහ ජනතාව නිතර ගැවසෙන ස්ථාන මගහැර වගකීමෙන් කටයුතු කරන්නැයි ද ඔහු පැවසීය.

නිරෝධනයට යොමු කරන ඇතැමුන් තම වගකීම නො තකමින් කටයුතු කරන්නේ නම් එය මේ තත්ත්වය පාලනය කිරීමට බාධාවක් වන බව ද ඔහු තව දුරටත් කියා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස