විස්ස ගැන ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට! වඟන්ති කිහිපයකට ජනමතවිචාරණයක් ඉල්ලයි!

October 20, 2020 at 12:30 pm | by emanisa.lk

20 වන ව්‍යවස්ථාවට සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව අද උදෑසන පෙර කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 – 1 ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය, මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි.

පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 – 1 ව්‍යවස්ථාවට අනුකූල වන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 -5 ව්‍යවස්ථාව අනුව, විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කිරීමට අවශ්‍ය වන බවත්, පනත් කෙටුම්පතේ 3,5,14 සහ 22 වගන්ති පවතින තත්ත්වාකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාව සමග 3 ව්‍යවස්ථාවට අනනුකූල වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවට අනුව ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කළ යුතුය.

එසේ වුව ද 3 සහ 14 වගන්තිවල ඇති අනනූකූලතාව යෝජිත කාරක සභා සංශෝධන ප්‍රකාරව සංශෝධනය කිරීම මඟින් ඉවත් කළ ගත හැකි බවත්, 5 වන වගන්තියේ ඇති අනනූකූලතාව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දක්වා ඇති ආකාරයට සුදුසු පරිදි සංශෝධනය කිරීම මඟින් ඉවත් කර ගැනීමට කළ හැකි බව ද ශ්‍රේෂ්ඨධිකරණය විසින් තීරණය කර ඇත.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස