උණ බලන ක්‍රමවේදය වහා නිවැරදි විය යුතුයි! අතේ උණ බැලීම නිසා බ්‍රැන්ඩික්ස් ආසාදිතයන් වසං වුණා ද! – විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රශ්න කරයි…

October 8, 2020 at 10:50 am | by emanisa.lk

පුද්ගලයන්ගේ උණ පරීක්ෂා කිරීම සඳහා මේ වන විට අනුගමනය කරන වැරදි ක්‍රමවේදයක් නිසා උණ රෝගීන් මහ හැරීයාමේ අවදානමක් ඇතැයි ස්නායු ශෙල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

අධෝරක්ත කිරන නළලට අල්ලා උණ පරීක්ෂා කිරීම මුලින් සිදු කළත් මේ වන විට අතේ උණ පරීක්ෂා කිරීම නිසා මෙම මගහැරීම සිදු විය හැකි බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ස්නායු ශෙල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පෙන්වා දෙයි.

“අතේ උණ බැලුවාම වෙන ප්‍රශ්නේ තියෙන්නේ ඇගේ උෂ්ණත්වයට වඩා සෙන්ටිග්‍රේඩ් එකක් විතර අඩුවෙන් තමයි අතේ උෂ්ණත්වය පෙන්නුම් කරන්නේ. එතකොට ඇත්තටම උණ තියන ලෙඩෙක් අපට මග හැරී යන්න පුළුවන්.”

දෙවැනි කොරෝනා රැල්ලට පාදක වූ වෛරස් ආසාදිතයන් පොකුරු පිටින් වාර්තා වන බ්‍රැන්ඩික්ස් ආයතනයේත් උණ බැලීමේ ක්‍රමවේදයේ වෙනසක් පැවතියේ නම් එම උණ බැලීමේ ක්‍රමයත් ඇති වී තිබෙන තත්ත්වයට හේතු විය හැකි බවට ඔහු සැක පළ කරයි.

ජනතාව ආයතන තුළට ඇතුල් වීමේදී උණ පරීක්ෂා කිරීම සිදු කරන්නේ වැරදි අයුරකින් නම් නිවැරදි ආකාරයට උණ පරීක්ෂා කරගන්නා ලෙස ඔහු වැඩි දුරටත් මහ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස