හිටපු ජනපති ඡන්ද කටේ තෑගි බෙදන්න යයි! මැතිවරණ නිලධාරීහු පැන මෛත්‍රී පන්නති! (video)

June 15, 2020 at 3:58 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගි වූ උත්සවයක් මැතිවරණ කොමිසම් විසින් අද (15) පෙරවරුවේ නතර කර තිබේ.

පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී මෙසේ පැවැත්වීමට සූදානම් කර තිබුණේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් 2019 වසර සඳහා විශ්වවිද්‍යාල වරම් ලද සිසු දරු දැරියන් ඇගයීමේ සහ ත්‍යාග බෙදාදීමේ උත්සවයකි.

මෛත්‍රීපාල සිරිසේන ද එම උත්සවයට සහභාගී වී සිටි අතර මැතිවණ සමයේ එම කටයුතු සිදුකිරීමට එහි පැමිණි මැතිවරණ කොමිසමේ නිලධාරීන් එරෙහි වී තිබේ. අනතුරුව මැතිවරණ කොමිසමේ නියෝග පිළිගන්නා බව සඳහන් කරමින් හිටපු ජනාධිපතිවරයා උත්සව සභාවෙන් ඉවත්ව ගියේය.

හිටපු ජනාධිපතිවරයා ඉන් ඉවත් වන තෙක් මැතිවරණ කොමිසමේ නිලධාරීන් එහි රැඳී සිටියේය.

ඔහු ඉවත් වූ පසු උත්සවයේ වැඩ කටයුතු ඉදිරියට ද පැවැත්විණි.

https://www.facebook.com/100024545613097/posts/820133628814817/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස