මහ බැංකුවේ හෝ රජයේ බැංකුවල නිලධාරීන් රජය දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරන්නේ නම් ඔවුන් ඉවත් කර වැඩ කරන පිරිසක් පත් කර ජනතාවට සහන සැලසීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.
රටේත් ජනතාවගේත් අවශ්‍යතා ඉටු කිරීමට නොහැකි නිලධාරීන් ඉවත් කිරීමට පසුබට නොවන බව ද ජනාධිපතිවරයා පවසයි. රට යථා තත්වයට පත්වෙමින් තිබෙන මෙම අවස්ථාවේ ආර්ථික පුනර්ජීවනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ ගැන පැහැදිලි කිරීමත්, අපනයන ව්‍යාපාර මුහුණ දෙන ප්‍රශ්න හා ගැටලු හඳුනා ගැනීමත් සඳහා ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (11) පෙරවරුවේ පැවැති විශේෂ හමුවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ආර්ථික පුනරුදය සඳහා රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම බැංකුවල දායකත්වය පිළිබඳ විවේචනයක් සමාජය තුළ පවතී.
ව්‍යාපාර සඳහා මෙන්ම ජනතාවගේ සුබසාධනය පිණිස රජය දෙන සහන බැංකු මගින් සමාජයට ගලා නොයන බව පෙනී යයි. එය වහාම විසඳිය යුතු ගැටලුවක් බවත්, මහ බැංකුවේ හෝ රජයේ බැංකුවල නිලධාරීන් රජය දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරන්නේ නම් ඔවුන් ඉවත්කර වැඩකරන පිරිසත් සමග රටේ අවශ්‍යතාව ඉටුකිරීමට පසුබට නොවන බවත් අවධාරණය කළේය. අවපාතය ජය ගැනීමට ගතානුගතික චින්තනයෙන් හා වැඩ රටාවෙන් බැහැරව නොබියව තීරණ ගන්නා බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් කීවේය.