කොරෝනා සඳහා රජය දරන වියදම් නිත්‍යානුකූල ද බලන්න! – සජිත් පිලෙන් විගණකාධිපති ලිපියක්..

May 26, 2020 at 2:24 pm | by emanisa.lk

වියදම් සහ ණය ගැනීම් සඳහා වන පාර්ලිමේන්තුවේ අවසරය ඉකුත් අප්‍රේල් 30 දිනෙන් කල් ඉකුත් වී ඇති බැවින් දැනට සිදුවන රාජ්‍ය වියදම් දැරීම් සහ ණයට ගැනීම් නීත්‍යානුකූලද යන්න සොයාබලන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ සාමාජික හිටපු මන්ත‍්‍රීවරුන් පිරිසක් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික‍්‍රමරත්න වෙත ලිපියක් භාර දී තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන කුමාර වෙල්ගම, ආචාර්ය හර්ෂ ද සිල්වා, එස්.එම්. මරික්කාර්, සුජිත් සංජය පෙරේරා, චන්දිම ගමගේ, නිරෝෂන් පෙරේරා මෙම ලිපියට අත්සන් තබා ඇත.

එම මන්ත‍්‍රීවරුන්ගෙන් පිරිසක් විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත ගොස් විගණකාධිපතිවරයා හමුවී මෙම ලිපිය භාර දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස