කොරෝනා වසංගතයට මුවා වෙලා රජය ඒකාධිපති ගමනක් යනවා! – සමගි ජන බලවෙිගය

April 12, 2020 at 8:04 am | by emanisa.lk

කොරෝනා වසංගතයට මුවා වී විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය නොතකා කටයුතු කරමින් සිටින බව ජනාධිපති ලේකම්වරයා මැතිවරණ කොමිසමට යැවූ ලිපියෙන් තහවුරු වන බව ජාතික සමගි බලවේගය පවසයි.

එම ලිපියෙහි යටිපෙළ මගින් පවතින අර්බුදයට හොඳම විසඳුම වන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇති බවත් මෙය පෙර නුවූ විරූ තත්ත්වයක් නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම වැදගත් බවත් සමගි බලවේගය පවසයි.

එසේම පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවීම ප්‍රතික්ෂේප කිරීම තුළින් ආණ්ඩුව තවමත් මැතිවරණය පවත්වා 2/3ක් ලබා ගැනීමේ සිහිනයක සිටින බව තහවුරු වන්නේ යැයි ද එම බලවේගය පෙන්වා දෙයි.

ව්‍යවස්ථාව තමන්ට උවමනා ආකාරයට අර්ථකතනය කිරීම ඒකාධිපතිත්වය බවත් අතුරු සම්මත ගිණුමෙි මුදල් අවසන් වූ විට ජනාධිපතිවරයාට ප්‍රතිපාදන ලබාගත හැකැ යැයි පැවසීම එවැන්නක් බව ද සමගි බලවේගය අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස