පැහැරගෙන යෑමට ලක් වූ බව කියන ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා ෆ‍්‍රැන්සිස්ට වෙනත් තැනැත්තියකට අයත් සිම්පතක් ලබාදුන් හිටපු මාධ්‍යවේදිනියක් වූ දරීෂා බැස්ටියන්ගේ සැමියා ජිනීවාහි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිට මෙරටට කැඳවා ඇත.
2019 සැප්තැම්බර් මසදී යහපාලන රජය ඔහු ජිනීවාහි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට පත්කර තිබුණු අතර මොහු ගැන රජයේ බලධාරීන්ට වාර්තා වී නොතිබුණි.
ජනපතිවරණයෙන් දිනකට පසු ස්විස් තානාපති කාර්යාලයේ සහයෙන් ස්විට්සර්ලන්තයට පැන ගිය දරීෂා එතැන් සිට ලන්ඩන් නුවරට පැමිණ ඇත.
ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ ජෙහාන් ඉන්ද්‍රගුප්ත නමින් හඳුන්වන මේ තැනැත්තා මෙතෙක් කටුනායක ගුවන්තොටුපළට පැමිණ නැති බවයි.
මේ අතර ස්විට්සර්ලන්තයට පැන ගිය දරීෂා බැස්ටියන් සමග දැඩි ලෙස සබඳකම් පැවැත්වූ රජයේ ඉංග‍්‍රීසි පුවත්පතක වාර්තාකාරිනියකගෙන් ද ප‍්‍රශ්න කර තිබේ.