පාර්ලිමේන්තුවේ ක්‍රියාශීලී මන්ත්‍රීවරුන් අතුරින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිව ඇත්තේ 159 වන ස්ථානය බව නව වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක පවසයි.
මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
රටට උවමනා රටේ ජනතා ගැටලු පිළිබඳ පාර්ලිමේන්තුවේ හඬ නඟන පාර්ලිමේන්තුවට සහභාගී වන මන්ත්‍රී පිරිසක් බවත් සජිත් ප්‍රේමදාසලා පාර්ලිමේන්තුවට නොපැමිණෙන බවත් ඔහු සඳහන් කළේය.
මේ රටේ ගැටලු විසඳිය හැක්කේ ජාතික ජනබලවේගයට පමණක් බව ද හෙතෙම පැවසීය.