එජාප නායකයා තේරීම සඳහා එම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයක් පැවැත්වීමට ඉඩ ඇතැයි විශ්වාස කටයුතු එ.ජා.ප. ආරංචි මාර්ග පවසයි.
පසුගිය දෙසැම්බර් මස 31දා එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිල කාලය හමාර වූ අතර මේ දක්වා එහි නව සාමාජිකයන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් පත්කර නැත. නිල බලයෙන් පත්වන සාමාජිකයන්ට අමතරව පක්ෂ නායකයා විසින් කළ යුතු පත්කිරීම් ගණන 31කි. එම සියලු නව පත්වීම් ලබන සතියේ සිදුකෙරෙන බව දැනගන්නට ඇත.
නායකයා තෝරාගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුවහොත් රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස යන දෙදෙනාගේම නම් නායකත්වය සඳහා යෝජනා කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි. රනිල් පාර්ශ්වය දැනටමත් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත්වන අය සමඟ මේ ගැන සාකච්ඡා ආරම්භ කර ඇත.