රංජන්ගේ දුරකතන සංවාද ලක්ෂ එකහමාරක් පොලිස් භාරයට! එජාපය හතර කොනින් ඇවිළෙයි!

January 7, 2020 at 2:13 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් පටිගත කළ දුරකථන සංවාදයන් හෙළිදරව් වීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අතිවිශාල ප්‍රමාණයක් දැඩි තිගැස්මකට පත් ව සිටින බව වාර්තාවෙයි.

ඔවුන් බොහෝ දෙනකු එකිනෙකා සමඟ සාකච්ඡා කරමින් සිටින්නේ තමන් විසින් ද රංජන් රාමනායක සමඟ කරන ලද සාකච්ඡාවන් හෙළි වී ඇති බව සිතෙන බවය.

දැනටමත් රන්ජන් රාමනායක විසින් පටිගත කරන ලද දුරකතන සංවාද අතර එක්සත් ජාතික පක්ෂයේ නායක මට්ටමේ බොහෝ දෙනෙකු මෙන්ම සෙසු මන්ත්‍රීවරුන්ගේද ඒවා වන බව වාර්තා වෙයි.

දුරකතන සංවාද ලක්‍ෂ එකහමාරක පමණ ප‍්‍රමාණයක් මේ ආකාරයෙන් පොලිසිය සිය භාරයට ගෙන ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස