ආණ්ඩුව දේශපාලන දඩයම පටන් ගත්තා! රංජන් ඇල්ලුවේ පිස්තෝල බලපත්‍රයකට! හොඳ හොඳ සෙල්ලම් හෙට අනිත්දා! – කිරිඇල්ල

January 6, 2020 at 9:52 am | by emanisa.lk

ව්‍යාජ මානුෂීය මුහුණුවරක් රටට, ජනතාවට පෙන්වමින් බලයට ආ මේ රජය මේ වන විට තම දේශපාලන සතුරන් දඩයම් කිරීම ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ (05) මහනුවරදී ප්‍රකාශ කළේය.

“ඉදිරි කාලය තුළ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතිනවා. හොඳ හොඳ සෙල්ලම් හෙට අනිද්දට බලාගන්න පුළුවන්.

මේ අය බලයට ආවේ බැඳුම්කර වංචාව වගේ මහා පරිමාණ දේවල් අල්ලන බවට ජනතාවට පොරොන්දු දෙමින්. මේ වන විට වර්තමාන රජය මහා පරිමාණ වංචාවන් නීතියේ රැහැනට අසු කිරීමේ ක්‍රියාවලියෙන් බැහැරව සිල්ලර දේවල් මතුකරමින් නිකරුණේ අත්අඩංගුවට ගැනීම් සිදු කරනවා. රජයෙන් දුන් පිස්තෝලෙට බලපත් රජයෙන් ලබාදිය යුතුයි.

යහපාලන රජය සමයේ බැඳුම්කර නිකුත් කර තිබෙන්නේ රු. බිලියන 10ක පමණ ප්‍රමාණයක් වුවත් 2015ට පෙර පැවති රජය ඉතාමත් හොර රහසේ රු’ බිලියන 6500 ක බැඳුම්කර විකුණා තිබෙනවා. වෝහාරික වාර්තාවේ ඒ ගැන සඳහන් වෙලා තියෙනවා .බැඳුම්කර පිළිබඳ වෝහාරික වාර්තාව පසුගිය දෙසැම්බර් මස තුන් වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබුණත් මේ අය ඊට කලින් පාර්ලිමේන්තුව කල් දාලා ඒක හැංගුවා.

වර්තමාන රජය දැන් ටෙන්ඩර් කැඳවීමක් පවා නොමැතිව රජයේ ඉඩම් පිටරට කොම්පැනිවලට බදු දෙනවා මේ අය කියනවා අපේ රජය මේ ඉඩම දෙන්න සැලසුම් කරලා තිබුණා කියලා ඉතින් ඒ අයට තිබුණෙ රජයක් වශයෙන් එම සැලසුම් අහෝසි කරලා ෂැන්ග්‍රිලා සමාගමට නොදී ටෙන්ඩර් කැඳවන්න ඒක මේ අය ක​ළේ නැහැ. අපි ඉදිරියේදී පුළුල් ශක්තිමත් සංවිධානයක් වශයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස