විනිසුරුවරු උසස්වීම් ඉල්ලා රංජන් ළඟ ඇඹරුණු හැටි මෙන්න! “මම වැඩේ කරලා දෙන්නම්” රංජන් වැඩේ භාරගනී! (Audio)

January 6, 2020 at 1:58 pm | by emanisa.lk

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට පත් රංජන් රාමනායකගේ දුරකතන සංවාද එකතුවෙන් තවත් දුරකතන සංවාදයක් අන්තර්ජාලයට එකතු කර තිබේ.

මෙම සංවාදය සිදුවන්නේ මහාධිකරණ විනිසුරුවරියක වන පද්මිණි රණවක සහ රංජන් රාමනායක අතර ඇති වූ සංවාදයකි.

අභියාචනාධිකරණයට පත් කිරීමට යෝජිත ලැයිස්තුවේ 9 වෙනි ස්ථානයේ සිටින පද්මිණි රණවක මෙහිදී රංජන්ගේ ඉල්ලා සිටින්නේ ජනපති අගමැති හිටපු ජනාධිපති චන්ද්‍රිකා සහ අජිත් පී. පෙරේරා සමග කෙසේ හෝ තමන් අභියාචනාධිකරණයට පත් කරන ලෙසය.

එහිදී විනිසුරුවරිය පවසන්නේ තමන්ට ඉහළින් සිටින පිරිස ඉවත් කර කෙසේ හෝ තමන්ට අදාළ පත්වීම ලබා දෙන ලෙසය.

මෙය අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සමයේ සිදු වූ සංවාදයක් බව තහවුරු වන්නේ ඔහුට මේ පිළිබඳ කතා කළ ද යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව පද්මිණි රණවක විනිසුරුවරිය පැවසීමෙනි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස