හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ දිනවල මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට පොළොන්නරුවේ ව්‍යාපෘති සඳහා මුදල් ලබා දෙන ලෙස පවසමින් නිරන්තරයෙන් ඇමතුම් දෙන බව වාර්තා වෙයි.
මීට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරීන්ටත්, සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් නිරතුරුවම දුරකතන ඇමැතුම් ලබා දෙමින් ඔහු සඳහන් කරන්නේ පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතියට මුදල් ලබාදෙන ලෙසය.
මේ සඳහා ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් අවස්ථා කිහිපයකදීම හිටපු ජනාධිපතිවරයා දුරකතන ඇමැතුම් ගෙන තිබුණද ඔවුන් ඊට ප්‍රතිචාර දක්වා නොමැති බවද වාර්තා වෙයි. මේ නිසා ඔහුට වත්මන් නායකයන් පිළිබඳ එතරම් පැහැදීමක් නොමැති බව සිය සමීපතමයන් සමග පවසා ඇතැයි ද වාර්තා වෙයි.