පළාත් සභා ඡන්ද තිබ්බොත් ආණ්ඩුව ඉවරයි! තව අවුරුද්දකට ඡන්ද නෑ – මධ්‍යම පළාත් ආණ්ඩුකාර

April 11, 2019 at 5:50 pm | by admin

අද වන විට බොහෝ පළාත් සභාවල මහ ඇමති මෙන්ම ඇමති ද බවට ආණ්ඩුකාරවරයා පත්ව ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රීි ගුණරත්න පවසයි.

අපේ රටේ නීතිය අනුව අවුරුදු පහෙන් පහට පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බවත් එසේ නොපැවැත්වීම වැරදි බවත් හෙතෙම පවසයි. පළාත් සභා ඡන්දය පැවැත්වීම නිසා විශාල ප්‍රශ්නයකට මුහුණ පෑමට සිදුවිය.

එහෙයින් පළාත් සභා ඡන්දය පැවැත් වුවහොත් ජනතාව විසින් තමන් ගෙදර යවන නිසා පළාත් සභා ඡන්ද පැවැත්වීමට ආණ්ඩුව කටයුතු නොකරන බවත් තව අවුරුද්දකටවත් පළාත් සභා ඡන්ද නොපවත්වන බවත් ආණ්ඩුකාරවරයා වැඩි දුරටත් පවසයි. මේ ආකාරයට පළාත් සභා මැතිවරණ නොපවත්වා සිටීම නීති විරෝධී බවත් ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස